නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට, නිරිතදිග කියුෂු දූපතට මෙන්ම ඒ අසල පිහිටි කොචි ප්‍රාන්තයට සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කිරීමට එරට කාලගුණ බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එරට වේලාවෙන් රාත්‍රී 9.19ට පමණ ජපානයේ කියුෂු දූපතේ මියසාකි ප්‍රාන්තය ආසන්නයේ මෙම භුකම්පනය හටගෙන ඇති බව සඳහන්.