ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

Published on

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක් ට්‍රෑම් රථයක් පීලි මාරු කර නවතා තිබූ තවත් ට්‍රෑම් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ප්‍රාන්තයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කිසිදු මරණයක් තහවුරු වී නොමැති බවයි.

ස්ට්‍රාස්බර්ග් නගරාධිපති Jeanne Barseghian එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ට පැවසුවේ ට්‍රෑම් රථයක ගැටීමක් සිදුවී ඇති නමුත් එයට හේතුව නොදන්නා බවයි.

යොහාන් නම් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ එක් ට්‍රෑම් රථයක් වේගයෙන් පසුපසට යන අයුරු තමා දුටු බවත්, “අපිට විශාල බලපෑමක්, මහා පිපිරුමක් ඇසුණා” යනුවෙන්.

අනතුරින් විශේෂිත තුවාල නොමැති නමුත් වෛද්‍යවරුන් විසින් තවත් ප්‍රතිකාර අවශ්‍ය 100 දෙනෙකු පමණ සිටින බව සඳහන් කර තිබෙනවා.

Bas-Rhin කලාපයේ ගිනි සහ ගලවාගැනීමේ සේවාව ක්‍රියාත්මක වී ඇති අතර, හදිසි සේවාවන්ට ප්‍රදේශයට ප්‍රවේශ වීමට මාර්ගයෙන් ඉවත් වී ඉඩ සලසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සේවයේ අධ්‍යක්ෂ රෙනේ සෙලියර් පැවසුවේ වාර්තා වී ඇති සමහර තුවාල මාරාන්තික තත්ත්වයේ ඒවා නොවන අතර බොහෝමයක් අනතුරින් කම්පනය වූ, හිස්කබලේ තුවාල, අස්ථි බිඳීම් සහ දණහිස් උළුක්කු වීම් ආදී සුළු තුවාල සිදු වූ අය බවයි.

වාහන 50 ක් සහ ගිනි නිවන භටයන් 130 ක් පමණ එම ස්ථානයට යවා ඇති බවයි පැවසෙන්නේ.

ස්ට්‍රාස්බර්ග් හි පොදු ප්‍රවාහනය කළමනාකරණය කිරීමේ (CTS) හි අධ්‍යක්ෂ Emmanuel Auneau පැවසුවේ ට්‍රෑම් රථ රියදුරන් දෙදෙනා ශාරීරික තුවාල සිදු නොවූ නමුත් ඉතා කම්පනයට පත්ව ඇති බවයි.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

More like this