අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් අතර සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාවේදී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජික භික්ෂුන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ භික්ෂු විශ්ව විද්‍යාලය තුළ පවතින ගැටලු සම්බන්ධව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වි තිබෙනවා.
එම ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනිම පිළිබද මෙහිදී සාකච්චාවට ලක්වූ බවයි පැවසෙන්නේ