එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙන් වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඒ මහතා 97 වෙනි වියේ පසු වුණා.
දේහයේ මහජන ගෞරවය සඳහා හෙට (13) දින තෙක් කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරනු ඇති.
ලබන 14 වැනිදා දේහය පොකුණුවිට, හේනේගම, අජන්තා නිවස වෙත රැගෙන ඒමට නියමිත අතර දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා පොකුණුවිට ජනසෙත කේන්ද්‍ර ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.