ආනයන බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීමට ශ්‍රි ලංකා රේගුව හේතු කියයි

Published on

බහාලුම් පරික්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් මදි වීම ආනයන බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතුව බව ශ්‍රි ලංකා රේගුව පවසනවා.

මේ වන විට බහාලුම් අඩංගු කන්ටේනර් රථ රේගුව අසල දින ගණනාවක සිට දිගු පෝලිම්වල සිටින ආකාරයක් දක්නට ලැබෙනවා.

දැනට දිනකට බහාලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයක් බවයි රේගුව පවසන්නේ.

ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් රේගුව සඳහන් කළා.

පරීක්ෂාව සඳහා රඳවා ගන්නා බහාලුම්වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාවය සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ෂක, ශාක නීරෝධායන, සත්ව නීරෝධායන, NMRA යන ආයතනවල අවශ්‍යතාවය සඳහා බවයි රේගුව පවසන්නේ.

කෙසේ වෙතත් මේ සියලුම ආයතන සිදු කරන්නේ නීති ප්‍රකාරව මහජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉටු කළ යුතු සේවාවක්.

දැනට බහාලුම් පරීක්ෂාව සඳහා ඇති අංගන 03 හි ධාරිතාවය බහාලුම් 350 ක්.

දිනකට බහාලුම් 2000ක් ආනයනය කළහොත් ඉන් 800ක් පරීක්ෂාව සඳහා යොමු වන බව සඳහන්.

ඇතැම් දිනවල බහාලුම් 3000ක් පමණ ආනයනය කරනු ලබනවා.

රේගුව විසින් පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉහළ අවධානමක් ඇති බහාලුම්ය.

දැනට පරීක්ෂා කරන බහාලුම්වලින් 65% ක රේගු වැරදි සොයා ගැනෙනවා.

රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීම, හොරබඩු ජාවාරම වැළක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

දැනට බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිෂ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇති බව රේගුව පෙන්වා දෙනවා.

විශේෂයෙන් නිෂ්කාශන නියෝජිතයන් නිසි වේලාවට භාණ්ඩ පරීක්ෂණය සඳහා නොපැමිණීම, පිටකොටුවේ ගොඩබෑමට ඇති බහාලුම් රාත්‍රී 10 පසුවන තෙක් අංගනවලින් ඉවත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකිරීම නිසා එම අංගනවල ඉඩකඩ ඇහිරීම තුළින් වැඩි බහාලුම් තොගයක් පරීක්ෂා කිරීමට නොහැකිවීම, අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට අනුයුක්ත නොකිරීම හා මුළු කාලය පුරා රැඳී ඔවුන් සේවයේ නොසිටීම යන කරුණු රේගුවේ පාලනයෙන් තොර වුවත්, ඒ සියලුම කරුණුවලට රේගුවට වගකීමට සිදුවී තිබෙනවා.

එමෙන්ම වංචා සහ දූෂණ ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා රේගුව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ෂාව සිදුකිරීම නිසාද දිනකට පරීක්ෂා කෙරෙන බහාලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රේගුවට භාණ්ඩ පරීක්ෂාව සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට 2020 වසරේදී යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් සක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර කෙරවලපිටිය ප්‍රදේශයේ සුදුසු ඉඩමක්ද වෙන් කෙරුනත් ඉන් ඉදිරියට කිසිවක් සිදු නොවීම නිසා වර්මාතන අර්බුදයට මුහුණ දීමට සිදුවී ති⁣බෙනවා.

කෙසේ වෙතත්, වර්තමාන රජය විසින් නැවතත් කෙරවලපිටිය යෝජිත රේගු පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් තුළින් මේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවත්, එමෙන්ම කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ෂණ අංගන භාවිතය පිළිබඳ අවධානයද යොමු වී ඇති බවත් ශ්‍රි ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...