Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ මූල්‍ය වංචා විගණන විමසුම් අනාවරණය කරයි

Published on

පැවති රජයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ Smart Youth Night ප්‍රදර්ශන මාලාව සංවිධාන කිරීමේ දී සිදුව ඇති මූල්‍ය වංචාව පිළිබඳව විගණන විමසුමකින් කරුණු අනාවරණය වී තිබෙනවා.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව පැවැත්වුණා.

එම ප්‍රසංග මාලාව සංවිධාන කිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පසුගිය දා අනාවරණයක්ද කළා.

Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එහිදි සඳහන් කළා.

ඒ අනුව හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සඳහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත්, එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292 ක් වියදම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592 ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700 ක වියදමක් දරා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයක දී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සඳහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක යැයි මෙම වසරේ ජනවාරි 6 වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (11දා) හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී.

මෙම ‍ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එනමුත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේ දී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත්, මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු අනාවරණය කළා.

2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමට හැකි බවත්, බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගත හැකි බව සඳහන් කරමින් smart youth night ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත්, එම හේතු සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව විගණන විමසුමේ දක්වා තිබෙනවා.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙම වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...