ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට චීන ශ්‍රී ලංකා ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැගීම ඉතා වැදගත් බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා අතර අමාත්‍යාංශයේදී පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ධීවර හා සාගර සම්පත් අංශවල ද්විපාර්ශ්වික වශයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී අවධානය යොමු ව තිබෙනවා.
ධීවර ක්‍ෂේත්‍රෙය් තිරසර සංවර්ධනය, සමුද්‍ර සම්පත් කළමනාකරණය, ක්ෂේත්‍රයට අදාළ දැනුම හුවමාරු කරගැනීම, තාක්ෂණික සහාය ලබාදීම යන කරුණු කෙරෙහි වීනයේ අවධානය යොමු ව ඇති බව චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් චීනය අඛණ්ඩ සහයෝගය ලබා දීම පිළිබඳව අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා මෙහිදි කෘතඥතාව පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිමත් හවුල්කාරිත්වයක් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, දෙරට අතර ඓතිහාසික සබඳතා පිළිබඳ සිහිපත් කරමින්, දෙරටේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉතා වැදගත් බව පෙන්වා දුන්නා.
ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සහ ධීවර අංශයේ තිරසර සංවර්ධනය සඳහා නව විසඳුම් ගවේෂණය කිරීම සඳහා දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කර තිබෙනවා.