ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පුවත්පත් මණ්ඩලය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළදී සතියේ සහ සති අන්ත පුවත්පත් කිහිපයකින් සහ විද්‍යුත් නාලිකා කිහිපයකින් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්යක්ෂවරයා ඉලක්ක කර ගෙන සාවද්‍ය තොරතුරු ඇතුළත් ප්රවෘත්ති නිර්මාණය කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන්.
එම ප්රවෘත්ති වාර්තා තුළින් පොදුවේ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ කීර්ති නාමයටත් ,කැළලක් වන ආකාරයෙන් සාවද්‍ය පෞද්ගලික දෝෂාරෝපණයක් සිදුකොට තිබූ අතර ඒ පිළිබඳ ශ්‍රි ලංකා වරාය පාලන අධිකාරියේ අවධානයට ලක්ව තිබෙනවා.
මේ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එහි මූලික පියවර වශයෙන් පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් ගොනු කළ බවයි ශ්‍රි ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.