රටින් පළා ගොස් ඇති බව කියූ මනුෂ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ

Published on

පසුගිය දිනවල රටින් පළා ගොස් ඇති බවට වාර්තා පළ වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (10) පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටියා.

ඒ නව පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මියගේ වැඩභාර ගැනීමේ අවස්ථාවට එක්වීම සඳහා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ තමන් රටින පළා නොගිය බවත් ,නිවාඩුවක් සදහා ටික කාලයකට රටින් බැහැරව සිටි බවයි.

රටින් පළා යාමට තරම් වරදක් තමා සිදුකර නොමැති බවද මනූෂ නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ගේ සහෝදරයා සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කළේද තමන් බවයි හිටපු අමාත්‍යාවරයා සඳහන් කළේ.

විදේශ රැකියා ලබාදෙන බවට සිදුකරන ඡාවාරම් සම්බන්ධයෙන් තමා අමාත්‍යාවරයා ලෙස කටයුතු කරන කාලසීමාව තුළ නිරන්තරයෙන් මාධ්‍ය මගින් දැනුවත් කිරීම් සිදු කළ බවත්, මේ ආකාරයෙන් මුදල් වංචා කර ඇති තවත් බොහෝ පිරිසක් සිටිය හැකි බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

අතේ ඇඟිලි පහ එක සමාන නොවන ආකාරයට සහෝදරයන්ද සමාන නොවන බවයි මනූෂ නානායක්කාර මහතා පවසන්නේ.

තමාගේ නම විකුණා මුදල් වංචා කළ බොහෝ පිරිසක් සිටින අතර සහෝදරයත් එවැනි එක් අයෙක් බවයි මෙහිදී හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි කඩිනමින් විමර්ශනය කරන ලෙසද හිටපු අමාත්‍යා මනූෂ නානායක්කාර මහතා මෙහිදි රජයෙන් ඉල්ලීමක් කළා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this