ක්ලීන් ශ්‍රි ලංකා ගැන චාමර කිව්වේ බොරු – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

Published on

ක්ලීන් ශ්‍රි ලංකා සමාරම්භක උත්සවයේ වියදම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඉදිරිපත් කල සංඛ්‍යාලේඛන අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රුපියල් ලක්ෂ 70ක පමණ වියදමක් දරා ඇති බවත්, තවමත් එම මුදල් ජනාධිපති කාර්යාලයෙන් අනුමත කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මෙම කරුණු අසත්‍ය නම් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අද පාර්ලි⁣මේන්තුවේදි ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම කරුණු අසත්‍ය බවයි.

ක්ලීන් ශ්‍රි ලංකා සමාරම්භක අවස්ථාවට ගෙවීම් ලෙස රුපියල් ලක්ෂ 9ක් අනුමත වී ඇති බවත් එම මුදල් තවමත් ගෙවා නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සමාරම්භක අවස්ථාවේ ගීතය ගායනය කළ සංගීත ශිල්පියාට, වැඩසටහනේ තේමා ගීතයට සහ වෙබ් අඩවියට වැය වූ බවට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනද අසත්‍ය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 9කට වඩා සමාරම්භක අවස්තාවට වියදම් නොකළ බවට සහතික වන බවත්චා, චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුම් දුන්නා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this