කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ පාඨය යොදා ගනිමින් පළවන දැන්වීම් අසත්‍යයි

Published on

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීම අසත්‍ය දැන්වීමක් බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.

අදාළ දැන්වීමට අනුව රජය විසින් අනුමත කරන ලද අර්ධ කාල වැඩ යනුවෙන් දක්වා ඇති අතර දෛනිකව ශ්‍රී ලංකා රුපියල් පනස් පන්දහසක ආදායමක් උපයාගත හැකි බව ද එහි සඳහන්.

ඊට අමතරව මාර්ගගත සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් දෛනික වැටුප් ගෙවන බවත් එහි දක්වා තිබෙනවා.

එම නිවේදනයට අදාළව මාර්ගගත රැකියා අපේක්ෂකයන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කරන ලෙසද සඳහන්.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය යන පාඨය භාවිත කරමින් සහ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බවත්, එවැනි දැන්වීමක් කම්කරු අමාත්‍යංශය විසින් පළ කර නොමැති බවත් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය අවධාරණය කරනවා.

නව රජයේ අමාත්‍යංශ විෂය පථයන්ට අනුව විදේශ රැකියා විෂය පථය කම්කරු අමාත්‍යාංශයට අයත් නොවන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු යොදා ඇති අතර එම ව්‍යාජ සහ අසත්‍ය දැන්වීමට අදාළව ඔබේ පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස කම්කරු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this