ඇමරිකාවේ ලැව් ගිනි මැද සොරකම් කළ 20ක් අත්අඩංගුවට – ඇඳරි නීතිය පැනවීමටත් අවධානය

Published on

ඇමරිකාවේ ලැව් ගිණි හේතුවෙන් අතහැර දමා ගිය නිවෙස් කොල්ලකෑමේ සිද්ධින් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පවතින තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමට බලධාරින්ගේ අවධානය යොමු වී ඇති බවයි කියන්නේ.

මේ අතර එරට බලධාරීන් පවසන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ලැව් ගිණි තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

මේ වන විට ලැව් ගිණි හේතුවෙන් මරණ 5ක් පමණ වාර්තා වී තිබෙනවා.

පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගින්න තවත් වර්ධනය වන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.

මේ වන විට ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් අක්කර 30000කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

ඇමරිකානු ඩොලර් බිලියන 150ක පමණ හානියක් මේ දක්වා සිදුව ඇති බව සදහන්.

ලැව් ගිණි තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ ඉදිරි මාස 6ක කාලය තුළ අවතැන් වූ පිරිස් සම්බන්ධයෙන් මධ්‍යම රජය සම්පූර්ණයෙන් බලා ගන්නා බවයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ඇමරිකාවේ උප ජනාධිපති සිය ඉදිරි විදෙස් ගමන් අවලංගු කර තිබෙනවා.

ඇය සිංගප්පුරුව,බහරේනය සහ ජර්මනියේ ඉදිරියේදි සංචාරය කිරීමට සැලසුම් කර තිබුණා.

පවතින වායු ගුණාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ සියලු පාසල්වලට අද දිනයේ නිවාඩු ලබාදීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this