ධීවර ක්ෂේත්රය පාඩු ලබන තත්ත්වයට කඩා වැටී ඇති බව ධීවර, ජලජ සහ සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසනවා.
ධීවර හා ජල ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන්ගේ ගැටලු සහ 2025 වැඩපිළිවෙල සම්බන්ධව කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාල සංකීරණයේ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අද වන විට ධීවර සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙන බවයි අමාත්‍යාවරයා මෙහිදි පෙන්වා දුන්නේ.
ධීවර සංස්ථාව එසේ විය යුතු කර්මාන්තයක් නොවන බවත්, ඒ හේතුවෙන් ධීවර ජනතාවටත්, රටටත් ආදායම් උපයන කර්මාන්තයක් ලෙස එය නඟා සිටුවිය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේ.
2025 අයවැය තුළින් ධීවර ක්ෂේත්රය වෙනුවෙන් වැඩි ආයෝජනයක් සිදු කිරීමටත්, ධීවර රක්ෂණය සහ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳවත්, මෙම අවස්ථාවට එක්ව සිටි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළා.