වීසා නිදහස් කිරීමේ වැඩපිලිවෙළ පුළුල් කිරීමට එක්සත් රාජධානිය පියවර ගනී.

Published on

වීසා නිදහස් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද සිට බ්‍රිතාන්‍යයට ඇතුළු වන ඇමරිකා එක්සත් ජනපද, කැනේඩියානු හා තවත් රටවල් රැසක සංචාරකයින්ට රට තුළට ඇතුළු වීමට පෙර සංචාරක අවසරයක් ලබා ගත යුතු වනවා.

එය විද්‍යුත් සංචාරක අවසරයක් හෝ ඊ. ටී. ඒ. අවසරය විය හැකියි.

බ්‍රිතාන්‍ය මෙම වැඩසටහන 2023 වසරේදී කාටාර් රාජ්‍යයෙන් ආරම්භ කළ අතර පසුව පසුගිය වසරේදී ගල්ෆ් රටවල් වන බහරේන්, කුවේට්, ඕමානය, , සෞදි අරාබිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල්වල දියත් කරනු ලැබුවා.

අද සිට එය තවත් රටවල් හා ප්‍රදේශ 50 ක පමණ ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබෙනවා.

දේශසීමා ආරක්ෂාව දැඩි කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ලබන අප්‍රේල් මස 2 වැනිදා සිට යුරෝපා සංගමය සහ අනෙකුත් යුරෝපීය රටවල ව්‍යාප්ත කිරීමට නියමිතයි.

රට තුළට ඇතුළු වීමට පෙර අවසර ගැනිමට අයදුම් කිරීම සඳහා පවුම් 10 ක පමණ ගෙවීමක් සිදු කළ යුතු වනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this