සිරියාව ‍ශක්තිමත් කිරීමට ජාත්‍යන්තරය එක් විය යුතු බව චීනය අවධාරණය කරයි

Published on

ජාත්‍යන්තර ප්‍රජාව එක්ව සිරියාව ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවරයන් සම්බන්ධීකරණය කළ යුතු බවත්,ඒ ඔස්සේ සිරියාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ළඟා කර ගැනීමට සහය දිය යුතු බවත් චීනය පවසනවා.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පවසන්නේ යුද ගැටුම් සහ දේශපාලන අස්ථාවර බව හේතුවෙන් සිරියාවේ තත්ත්වය තීරණාත්මක අවධියක පවතින බැවින් භයානක අභියෝගවලට මුහුණ දෙනු ඇති බවයි.

සිරියානු ප්‍රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රසිද්ධ රැස්වීමේදී ඊයේ (8) ඔහු මේ බව සඳහන් කළා.

සිරියාව ලොව බරපතලම මානුෂීය තත්ත්වයක් ඇති රටවලින් එකක් බවත්, දිගුකාලීන නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක සිරියානු ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවත් උග්‍ර කර ඇති බවත් Fu Cong මහතා පවසනවා.

මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර ප්‍රජාව සිරියාවට ලබාදෙන ආධාර වැඩි කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් මානුෂීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පවසනවා.

චීනය දිගු කලක් තිස්සේ සිරියාව සමඟ මිත්‍රශීලී සහයෝගීතා ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත්, කිසි විටෙකත් සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවූ බවත් යළි අවධාරණය කර සිටින Fu Cong මහතා පවසන්නේ, සිරියාවට සාමකාමීව රට තුළ ස්ථාවර දේශපාලන තත්ත්වයක් පවත්වා ගැනීමට සහ ක්‍රමයෙන් සංවර්ධන මාවතට පිවිසීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this