ගජේන්ද්‍ර කුමාර් අලුත් වැඩකට අතගහයි

Published on

උතුර – නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන ඉතා පුළුල් ලෙස දියත් කිරීම සඳහා සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු කොට සන්ධානයක් පිහිටුවීමට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ පිළිබදව සාකච්ඡා කොට යෝජනා සම්මත කර ගැනීමටත්, පොදු සන්ධානයක් බිහිකර ගැනීම සඳහාත් ලබන ජනවාරී මස 25 වෙනිදා පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට සහභාගී වන ලෙස ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයා සියලුම දෙමළ දේශපාලන පක්ෂවල නායකයින්ට දැණුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.

ඊට පෙර තමන්ගේ පක්ෂය වටා ඒක රාශී වී සිටින දෙමළ දේශපාලන පක්ෂ තුන සමග ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරණ බවද ඔහු පවසනවා.

දෙමළ ජනතාව ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම පිණිස දෙමළ දේශපාලන පක්ෂවල ඉල්ලීම මත ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කොට ඇති බැවින් මේ අවස්ථාවේදී දෙමළ දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී පැමිණෙන පළාත් පාලන මැතිවරණය ජනතාවට මෙන්ම දේශපාලනඥයින්ටද ඉතා වැදගත් මැතිවරණයක් වන බව පෙන්වා දෙන ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා ගම් මට්ටම නියෝජනය කරණ නියෝජිතයින් තෝරා ගැනීම සදහා ජනතාවට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වශයෙන් එම මැතිවරණය හදුන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට පෙර දෙමළ දේශපාලන පක්ෂ එකමුතු කිරීම හා සන්ධාන ගත වීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම ශක්තිමත් දෙමළ සන්ධානය ඔස්සේ වත්මන් රජයට කරුණු ඉදිරිපත් කොට උතුර නැගෙනහිර අර්යබුදයට විසදුමක් සකසා ගැනීමටත් ව්‍යවස්ථා සංශෝධනයකටත් මාර්ගයන් විවෘත වන බවයි ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this