පසුගිය කාලයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබූ ඇතැම් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ලැබුණ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශන ලබාගෙන ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් සඳහන් කළා.
මෙලෙස අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාතිලක මහත්මිය මෙම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.