ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගන්නා හැටි ජනපති පැහැදිලි කරයි

Published on

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (08) පැවති උත්සවයට එක්වෙමින්.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීමද මෙම අවස්ථාවේ සිදු කෙරුණා.

විද්‍යාව හා තාක්ෂණය සමඟ එකට බැඳුනු පර්යේෂණ හා සංවර්ධන (Research and Development) ක්‍රියාදාමය, අගය එකතු කළ (value added) භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රටේ ආර්ථිකය නඟා සිටුවන අතර සමස්ත මානව හා සාමාජීය ප්‍රවර්ධනයට ද උර දෙනවා.

රට තුළ නවෝත්පාදකයන් ගම් මට්ටමින් පවා බිහි වුවද, ඔවුන්ගේ අදහස් හා නිපැයුම් නිසි ලෙස උකහා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමක් සිදු වූයේ ද අවම මට්ටමකින්.

මෙම මානව සම්පතට නිවහල් ලෙස සිතන්තට අවශ්‍ය පරිසරය සාදා දීම, ඔවුන්ගේ නව අදහස් පර්යේෂණ හා ගවේෂණ තුළ කාර්යක්ෂම ලෙස සැකසූ යාන්ත්‍රණයක් හරහා ලබාදීම තුළින් ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පත් කර ගත හැකියි.

මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12%ක් පමණ අඩු ප්‍රතිපාදනයක් පර්යේෂණ හා සංවර්ධන සඳහා වෙන් කර තිබුණා.

නමුත් ශ්‍රී ලංකාව සතුව බොහෝ ස්වභාවික සම්පත් ඇතත් එය නිසි පරිදි කළමනාකරණය සඳහා සහ මෙම වටිනා පර්යේෂණ තවමත් ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදා ගෙන නොමැති බව සඳහන්.

නව රජයේ පත් වීමත් සමඟ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විශාල උනන්දුවක් ද දක්වමින් සිටිනවා.

ආර්ථිකය නඟාසිටුවීමට මේ සියල්ල ප්‍රමාදයකින් තොරව කළමනාකරණය කර, රටේ සංවර්ධනයට භාවිත කළ යුතුව ඇත.

මනාව සැලසුම් කරන ලද සහ නිසි ලෙස කළමනාකරණය කරන ලද දිගු කාලීන පර්යේෂණ හා සංවර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අලුතින් පිහිටුවන ලද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දැනටමත් ආරම්භ කර තිබෙනවා.

වඩාත්ම ඵලදායී උපාය මාර්ගය වනුයේ ආර්ථිකය සඳහා ක්ෂණික තල්ලුවක් ලබා ගැනීම සඳහා දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන සහ සේවාවන් බවට කඩිනමින් පරිවර්තනය කිරීමයි.

පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිඵල හඳුනා ගැනීම, ඇගයීම, බලාත්මක කිරීම, ක්‍රියාවට නැංවීම සහ ඉක්මණින් වාණිජකරණය කිරීම සඳහා “පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය” [National Initiative for R&D Commercialization (NIRDC)] නව ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති කර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක සහ ජ්‍යේෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ විද්‍යාත්මක පර්යේෂණ, කර්මාන්ත, ආර්ථිකය, නීතිය, කලාව සහ දේශීය උරුමයන් ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකගෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින බව පෙන්වා දුන් අතර, එම අවශ්‍යතා ලබා ගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවද, නව උත්පාදනය තුළින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවද කියා සිටියා.

තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳ පොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බවත් ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිරවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

තාක්ෂණය සමඟ එක්ව නව උත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10න් 05ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බවද කියා සිටියා.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බවත් ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් ලබාදී සංවර්ධනය කරා ගොස් ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

දුප්පත්භාවය තුරන් කිරීම අවශ්‍ය වන්නේ සමාජ ඛේදවාචකය නැති කිරීමට පමණක් නොව එම ජනතාව අයිතිවාසිකම් නොමැතිව පීඩා විඳීම හේතුවෙන් බවත් එම නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නව උත්පාදනය හරහා එම ජනතාවට ආර්ථික කටයුතු හා තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...