2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) දින මැති සබයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ලබන පෙබරවාරි මස 17 වැනිදා පනත් කෙටුම්පත දෙවන වර කියවමින් මුදල් අමාත්‍යාවරයා විසින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.
පනත් කෙටුම්පත තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන මාර්තු මස 21 වැනිදා සිදුකෙරනවා.
මේ අතර අද දිනයේදි ශ්‍රි ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් සහ විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග මැති සබයේදි විවාදයට ගැනීමට නියමිතයි.