නව වසරේ පළමු විදෙස් සංචාරය අරඹමින් චීන විදේශ ඇමති අප්‍රිකානු කලාපයට

Published on

චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය සමඟ වැඩි කාර්යභාරයක් ඉටු කොට ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට අප්‍රිකානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ ඇමතිවරයා පවසනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා මේ බව පැවසුවේ, ඊයේ( 7) කොංගෝ ජනරජයේ බ්රසාවිල් අගනුවරදී එරට ජනාධිපති Denis Sassou Nguesso මහතා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ සම සභාපති රටවල් දෙකක් වන චීනය හා කොංගෝ ජනරජය සතුව ඇති සැලසුම් කුමක් දැයි එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියා.

ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් වං යී මහතා කියා සිටියේ, තම මෙම සංචාරයේ අරමුණ සංසද සහයෝගීතාවයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කොංගෝ ජනරජය සමඟ එකඟතාවන්ට පැමිණීම බවයි.

චීනය සහ අප්‍රිකාව සංවර්ධන උපායමාර්ග සහයෝගීතා සහ රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කරමින් චීන-අප්‍රිකා මිත්‍ර සහයෝගීතාවයේ ජීවගුණය අඛණ්ඩව පෝෂණය කළ යුතු බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය.

අප්‍රිකා රටවල ආනයනයන් සම්බන්ධයෙන් 100%ක ශුන්‍ය රේගු බදු පැනවීම මනාව ක්‍රියාත්මක කළ යුතු අතර අනෙකුත් ප්‍රධාන චීන-අප්‍රිකා ව්‍යාපෘති මනාව ප්‍රවර්ධනය කළ යුතු බව ද වං යී මහතා අවධාරණය කළා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this