එජාප සජබ එකතු කිරීමේ සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය

Published on

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල මහත්මිය වැඩ භාර ගැනීමත් සමඟ මෙම වැඩ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ සහ තලතා අතුකෝරල මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය මහ මැතිවරණයට පෙර සිටම ආරම්භ කෙරුණු නමුත් එම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වුණා.

නමුත් වර්තමානයේ ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුද හමුවේ ප්‍රබල දක්ෂිණාංශික කඳවුරක එකතුවක් පිළිබඳව නැගෙන යෝජනාවලට පිළිතුරක් ලබා දෙමින් පක්ෂ දෙකේ එකතුව සම්බන්ධ සාකච්ඡා නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට අරඹන බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

එම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පූර්ණ නිදහස ලබා දී තිබෙන බව සඳහන්.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this