වගකීම් විරහිත ක්‍රියා නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

Published on

චීනය ඇතුළු රටවල මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති සම්බන්ධයෙන් ඊනියා “ජාතිකාරක්ෂක” පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට චීන වාණිජ අමාත්‍යංශය දැඩි අසතුට සහ විරෝධය පළ කර තිබෙනවා.

සත්‍ය සාක්ෂි නොමැතිව ඇමරිකාව ගත් මෙම තීරණය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් බව චීන වාණිජ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම පියවර ජාතිකාරක්ෂක සංකල්පය අශෝභන අයුරින් සමාන්‍යකරණය කිරීමක් බවත්, එය සෙසු රටවල කර්මාන්ත පීඩාවට ලක් කිරීමට රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීමක් බවත් පවසමින් චීන වාණිජ අමාත්‍යංශය චෝදනා කර තිබෙනවා.

එමගින් ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හී සුමට පැවැත්මට බාධා කෙරෙන අතර ඇමරිකාව ඇතුළු පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකාම් නොසලකා හැරෙන බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා.

එසේ ම, චීනය මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර විෂයානුබද්ධ කරුණු කෙරෙහි ගරු කරමින් වැරදි ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලන බව ද චීන වාණිජ අමාත්‍යංශය පවසනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this