ටිබෙටයේ භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූවන්ට චීන රජයේ සහන සැපයුම්

Published on

චීනයේ ටිබෙට් හෙවත් Xizang ස්වායත්තයේ Shigatse නගරයට ඊයේ (07) දිනයේ බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබෙනවා.

චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ආහාර හා තැන්පත් කිරීමේ ජාතික පරිපාලනය ඇතුළු ආයතන විසින් සපයනු ලැබූ එම සහන සැපයුම් ඊයේ රාත්‍රීයේ එම ප්‍රදේශ වෙත ළඟා වී ඇති බවයි සඳහන් වන්නේ.

6000 කට ආසන්න කූඩාරම්, ඇඳ ඇතිරිලි මෙන්ම ඇඳුම් ද ඊට ඇතුළත් අතර තවත් 16,000ක පමණ සහන තොගයක් අද එම ප්‍රදේශ වෙත ළඟා වීමට නියමිතය.

ඊයේ සවස 7 පමණ වන විට, Shigatse නගරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් 126 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 188කි.

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් අවහි‍ර වූ මාර්ග සියල්ල මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

මේ අතර මෙම භූමිකම්පාවෙන් මිය ගිය අය හා ඔවුන්ගේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා සහ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා මෙන් ම යුරෝපා කොමිසම ද මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් චීනය වෙත සිය කණගාටුව පළ කර ඇත.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this