Clean Sri Lanka වැඩසටහන පිළිබද මහජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළා.
ඒ අනුව ලබන ජනවාරි 21 සහ 22 යන දෙදින මෙම විවාදය පැවැත්වීමට නියමිතයි.
මෙම විවාදය තුළින් Clean Sri Lanka වැඩසටහන පිළිබද ජනතාව තුළ ඇති විවිධ මතයන්වලට පිළිතුරු ලබා ගත හැකි බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.