බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කලා මණ්ඩලයට නව සාමාජිකයන් පත්කර තිබෙනවා.
ඒ අනුව නව සභාපතිවරයා සහ සාමාජික මහත්ම මහත්මින් පත් කිරීම අද (08) පෙරවරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කෙරුණා.
ඒ බත්තරමුල්ල, සෙත්සිරිපාය අමාත්‍යංශ පරිශ්රයේදීයි.
එම තනතුරු පහත පරිදි වනවා.
සභාපති – කීර්ති වැලිසරගේ මහතා
සාමාජික – ආචාර්ය සසංක පෙරේරා මහතා
සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා
සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා මහත්මිය
සාමාජික – මහාචාර්ය එස්. මෞණගුරු මහතා