වැරදි තොරතුරු ඉදිරිපත් කර පසුගිය කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක මහත්මිය වෙත කරුණු වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
එමෙන්ම විමර්ශනවලට අවශ්‍ය ඉදිරි නියෝග වේ නම් ඒවා අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.