මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනයට සහය ලබාදෙන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර පැවති හමුවක දීයි මෙම කරුණු සාකච්ඡා වී ඇත්තේ.
ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන්ම තරුණ කටයුතු ක්ෂේත්රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට, ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත්, ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කර ඇති බවයි පැවසෙන්නේ.