උතුරු මැද පළාතේ පාසල් වාර විභාගයක් නවතී

Published on

උතුරු මැද පළාතේ 11 වන වසර සදහා පැවැත්වෙන තුන්වන වාර විභාගය පැවැත්වීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, අද (06) දිනට නියමිතව තිබූ එම පළාතේ 11 වසර සිංහල සාහිත්‍යය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ බවට පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලකට අනුවයි.

ඉන් අනතුරුව ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නතර කිරීමටයි පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පියවර ගත්තේ.

කෙසේ වෙතත් තවත් විභාග ප්‍රශ්න පත්‍ර ද කලින් පිටවී ඇති බවට විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

මේ අනුව පවතින තත්ත්වය යටතේ උතුරු මැද පළාතේ 11 වසර සදහා පැවැත්වෙන තුන්වන වාර විභාගය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමටයි පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පියවර ගත්තේ.

කෙසේ වෙතත් 6 ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා තුන්වන වාර විභාගය සුපුරුදු පරිදි පැවත්වෙනවා.

මෙම තහනම බලපැවැත්වෙන්නේ උතුරු මැද පළාතේ 11 වසර වාර විභාගය සඳහා පමණයි.

Latest articles

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

More like this