ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිලිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අද (06) ජනාධිපති කාර්යාලයේ දී මෙය පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ යන මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, ජනාධිපවරයා මෙහිදි සදහන් අවධාරණය කර තිබෙනවා.
මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ.
එමෙන්ම මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.