සිරියානු භාරකාර රජය විසින් එරට රාජ්‍ය අංශයේ වැටුප් ලබන මාසයේදී 400% කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශවල පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව මෙසේ එරට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් වැඩි කරන බවයි එරට මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීඩ් පවසා ඇත්තේ.
මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 127 ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව සඳහන්.
එසේම මේ වන විට දරිද්‍රතා රේඛාවට වඩා පහළ මට්ටමක සිටින සිරියාව ඉදිරි මාස 03 ඇතුළතදී එරට බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ද අපේක්ෂා කරන බවටද වාර්තා වෙනවා.
.