චීනයේ Qinghai-Tibet සානුවෙන් ටොන් මිලියන 20 ඉක්ම වූ නව තඹ ආකරයක් සොයා ගනී

Published on

චීනයේ Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගැනීමට සමත්ව ඇත.

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ අදාළ සානුව ආශ්‍රිතව මේවනවිට සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි.

කෙසේවෙතත් Qinghai-Tibet සානුව ආශ්‍රිත තඹ සම්පත ටොන් මිලියන 150 ක ඇස්තමේන්තුගත විභවයක් සහිත වනු ඇතු බවටයි වාර්තා පළ වන්නේ.

ඒ අනුව මෙම කලාපය ලෝක මට්ටමේ තඹ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමට චීනය සූදානම් බව ද සඳහන් වේ.

මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු ඇත.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this