ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබෙනවා.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා දේශීය මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් මෙන්ම විදේශීය රටවල් රැසක නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියා.
මෙහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදර්ශන කුටි රැසක් නැරඹීමට එක්වූ අතර පැමිණ සිටි පිරිස් සමග සුහද කතාබහකද නිරත වුණා.