රත්මලාන ගුවන්තොටුපොළේ අවදානම් තාප්පය ඉවත් කිරීම පිලිබඳ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ එම ගුවන්තොටුපොළේ සීමා බැම්මක අවදානම පිලිබඳව පුවත්පත්වල පළ වූ තොරතුරුවලට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.
ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වූ අමාත්‍යාවරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එහි අවදානම පිළිබඳ නිවැරදි විමසීමකින් පසුවයි එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ.
ගාලුපාර සිමාවේ ඇති මෙම ඝන අඩි 9ක තාප්පය, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නීති උල්ලංඝනය කරන බව ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය(Aircraft Owners & Operations Asociations Sri Lanka ) විසින් ද ප්‍රකාශ කර තිබුණා.
පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොලේදී මගීන් 179 කට ජීවිත හානි කරමින් සිදු වූ අනතුරට සමාන අනතුරු මෙම අවදානම් තාප්පය හේතුවෙන් සිදුවීමට ඉඩ ඇති බැවින් මෙම තාප්පය ඉවත් කර අනතුරකදී ඉක්මනින් බිඳී යා හැකි සරල වැටක් ඉදිකරන ලෙසයි එම සංගමය ඉල්ලිම් කර ඇත්තේ.
එම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව එය කඩා ඉවත් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.