රත්නපුර සමන් දේවාලයේ කපු මහත්වරුන් වැඩ වර්ජනයක

Published on

සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන උවමනාවන් මත සබරගමුව මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයෙකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතුවලින් අද (05 ) ඉවත් වුණා.

හිටපු බස්නායක නිළමේවරයාගේ රාජකාරි කාලය අවසන්වීමෙන් පසු ස්ථිර බස්නායක නිළමේවරයෙකු පත්කරන තෙක් එස්.වි. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරනු ලැබුවේ පසුගිය සතියේදීයි.

එම වැඩබලන බස්නායක නිළමේවරයගේ පත්කිරීම දේශපාලන වුවමනාව මත සිදුවුවක් බවත්, සබරගමු මහා සමන් දේවාලයේ සම්ප්‍රදායට අනුකුලව සිදු නොවු පත් කිරිමක් බවත් දේවාලයේ තේවාවන්වලින් ඉවත් වූ රාජකාරි මණ්ඩලය පවසයි .

අද උදැසන රාජකාරිවලින් ඉවත් වූ කපු මහත්වරුන් ඇතුළු පිරිස සමන්දේවාලයේ සිට රත්නපුර පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිව්සුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වුණා.

සබරගමු මහ සමන් දේවාලයට වැඩ බලන භාරකරුවෙක් පත් කිරීම පිළිබඳව එහිදී අදහස් දැක්වු දේවාලයේ රාජකාරිකරුවන් පැවසුවේ වැඩ බලන බස්නායක නිලය සඳහා සුදුසුකම් ඇති අයෙකු පත් කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොමැති නිසා තම විරෝධය පළකරන බවයි.

සමන් දේවාලයේ බස්නායක නිළමේ ධුරයට පත්කිරීම බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතට ඇතුළු කර ඇති බවත්, එසේ නීතිගත කර ඇති අන්දමට පත්කරනු ලබන බස්නායක නිළමේවරයාට ආඥා පණතෙන් නියම කල රාජකාරිද, සම්ප්‍රදායෙන් ඉටු කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර හා දෙවියන් අරභයා ඉටු කළ යුතු රාජකාරිද වශයෙන් කාර්යන් කොටස් දෙකක් පැවරී තිබෙනවා.

දේවාලයේ චාරිත්‍රනුකූලව පැවත එන මෙම සම්ප්‍රදායන් කඩකිරීම හේතුවෙන් මෙලෙස විරෝධය පලකරන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

Latest articles

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

More like this