ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක (පවුම් බිලියන 6.4ක) ආයුධ විකිණීමක් සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම ආයුධ තොගයට මිසයිල,හෙල්ෆයර් මිසයිල, කාලතුවක්කු උණ්ඩ සහ බෝම්බ ඇතුළත් වේ.
මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන් ධුරයෙන් ඉවත් වීමට දෙසතියකට පමණ පෙරය.
පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය ඊශ්‍රායලයට ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් යුද උපකරණ ඩොලර් බිලියන 20ක් විකිණීමට අනුමත කළේය.
ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව තම පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ ඉරානයේ සහ එහි ප්‍රොක්සි සංවිධානවල ආක්‍රමණ වැළැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර ඇති අතර ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය හැකියාවන් දිගටම ලබා දෙන බවයි පවසා ඇත්තේ.
ඇමරිකාව ඊශ්‍රායලයට විශාලතම ආයුධ සපයන්නා වන අතර එය ලෝකයේ වඩාත්ම තාක්ෂණිකව අති නවීන හමුදාවක් ගොඩනැගීමට උදව් කර ඇති බව සඳහන්.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට (SIPRI) අනුව, 2019 සහ 2023 අතර ඊශ්‍රායලයේ ප්‍රධාන සාම්ප්‍රදායික ආයුධ ආනයනයෙන් 69% ක් සිදු කර ඇත්තේ ඇමරිකාව විසිනි.