බෝඩර් ගවස්කාර් කුසලාන තරඟාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියාවට

Published on

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමග පැවති බෝඩර් ගවස්කාර් කුසලාන තරඟාවලියේ 5 වැනි හා අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ගනිමින්.

මෙම තරඟයේ පළමු ඉණිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 185ක් රැස් කළා.

එහිදී ඉන්දියාව වෙනුවෙන් රිෂාබ් පන්ට් ලකුණු 40ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදි ස්කොට් බොන්ඩ් කඩුලු 4ක් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 3 බැගින් බිදහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සියලු ක්‍රීඩකයින් දැවී රැස් කරගත්තේ ලකුණු 181ක් පමණයි.

එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් බේව් වෙබ්ස්ටර් ලකුණු 57ක් රැස් කළා.

පන්දු යැවීමේදි මොහොමඩ් සිරාජ් සහ ප්‍රසීද් ක්‍රිෂ්නා කඩුලු 3 බැගින් බිදහෙලුවා.

ලකුණු 4ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉණිම ඇරඹු ඉන්දිය කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 157ක් පමණයි.

එහිදී රිෂාබ් පන්ට් වේගවත් ලකුණු 61ක් රැස් කළා.

පන්දු යැවීමේදි ස්කොට් බොලාන්ඩ් කඩුලු 6ක් සහ නායක පැට් කමින්ස් කඩුලු 3ක් බිද හෙලුවා.

මේ අනුව තරඟයේ තුන්වන දිනය වූ අද දිනයේ ලකුණු 162ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඕස්⁣ට්‍රෙිලියානුවන් කඩුලු 4ක් පමණක් දැවී තිබියදීයි ජය වාර්තා කළේ.

එහිදි උස්මාන් කවාජා ලකුණු 41ක් සහ බේව් වෙබ්ස්ටර් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේදි ප්‍රසීද් ක්‍රීෂ්නා කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරඟය කඩුලු 6කින් ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ⁣ තරග 3ට 1ක් ලෙස බෝඩර් ගවස්කාර් කුසලානය දිනා ගනු ලැබුවා.

⁣එමෙන්ම දෙවන වරටත් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමටද ඔවුන් සමත් වුණා.

වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන ජුනි මාසයේදි දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදි ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට මුහුණ දීමට නියමිතයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this