දුමින්ද සිල්වාට බන්ධනාගාරයේ විශේෂ පහසුකම් ලබාදීම ගැන බන්ධනාගාරයෙන් ප්‍රතිචාර

Published on

දුමින්ද සිල්වාට බන්ධනාගාරයේ විශේෂ පහසුකම් ලබාදීමක් සිදු වී නොමැති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

ඔහුට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් තුළින් විවේචනාත්මක පුවත් පළ වී තිබූ අතර, එම පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි බන්ධනාගාර මූලස්ථානය ප්‍රකාශ කරන්නේ.

මේ පිළිබදව කරුණු සොයා බැලීමට මූලික විමර්ශන දෙකක් සිදු කළ අතර ස්ථාන පරික්ෂාවන් හා මූලික විමර්ශන වාර්තා අනුව අදාළ සිරකරුට වෙනම වැසිකිලියක් හෝ විශේෂ පහසුකමක් ලබා දී නොමැති බවද බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

දුමින්ද සිල්වා නැමැති සිරකරු බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු එහි නේවාසික ප්‍රතිකාර ලබන රැදවියන් 50කට වැඩි පිරිසක් සමඟ රඳවා සිටින බවයි පැවසෙන්නේ.

අදාළ සිරකරු බන්ධනාගාරය වෙත බාරදීමේදි ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බව දැන්වීම මත බන්ධනාගාර වෛද්‍යනරුන්ගේ අධික්ෂණය යටතේ මේ වන විටත් රඳවා තිබෙන බවයි බන්ධනාගාර මූලස්ථානය පවසන්නේ.

තවදුරටත් මෙම සිරකරුට බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති අතර, සිරකරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර එහි තීරණ ලැබීමෙන් පසුව ඊට අදාළ ඉදිරි කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන බව සඳහන්.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this