දිලිත්ගේ පත්තරේට නලින්ද දුන් පිළිතුරු සජබය පිළිකුලෙන් හෙලා දකී

Published on

ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව සමගි ජන බලවේගය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පො⁣රොන්දු වූ ආණ්ඩුව තම මතයට ගරු නොකරන මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් පීඩනයක් එල්ල කරමින් සිටින බවයි.

1988/89 පාලන සමයේදි තම නියෝග වලට එරෙහිව කටයුතු කළ තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්,කුලසිරි අමරතුංග, ප්‍රේමකීර්තිද අල්විස් යන මාධ්‍යවේදීන්ට ජනතා විමුක්ති පෙරමුණ පිළිතුරු ලබා දුන්නේ ගිනි අවියෙන් බවයි සමගි ජන බලවේගය පවසන්නේ.

අද ගිනි අවියෙන් පිළිතුරු නොදුන්නත් සුපුරුදු පරිදි ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට තර්ජනාත්මක ප්‍රකාශ තුළින් පීඩනයක් එල්ල කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පුවත්පත වාර්තා කර ඇති පුවත වැරදිනම් එය විසඳා ගැනීමේ ක්‍රමය අනුගමනය නොකොට ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය බය කරමින් තමන්ට අකමැති මත දරන්නන් මර්දනය කිරීමට ක්‍රියා කරන්නේ දැඩි උද්දච්චභාවයෙන් වහසි බස් දොඩවමින් බවයි සමගි ජන බලවේගය පවසන්නේ.

ජනමාධ්‍යයේ අයිතිය සහ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙලෙස ක්‍රියා කිරීම වහා නතර කළ යුතු බවයි සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this