සරසවි සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින්

Published on

විශ්ව විද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ විශ්ව විද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු පිලිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අධ්‍යාපනයට බලපාන සියලූ පුරප්පාඩු පිළිබඳ සොයා බලා අවශ්‍ය පරිදි ඒවා සම්පූර්ණ කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදි කියා සිටියා.

පසුගිය වසරවල උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන නිසි පරිදි භාවිතයට ගෙන නොමැති බැවින් වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි මෙහිදී අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට දැනුම් දුන්නේ.

විදේශ ණය ආධාර යටතේ මෙරටට ලැබුණ මුදල් නිසි පරිදි ආයෝජනය කළා නම් මෙරට විශ්ව විද්‍යාල කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් තත්ත්වයට ගෙන ඒමට තිබුණ බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

නිවැරදිව අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ව්‍යාපෘති නිර්මාණය නොවීමෙන් මුදල් නාස්තියක් සිදුව තිබෙන බවයි ඇය කියා සිටින්නේ.

පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් නිසි ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය බවත්, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කොමිෂන් සභාව ලබා දෙන අනුමැතිය අවභාවිතා කරමින් ඇතැම් ආයතන කටයුතු කරන බවද අගමැතිවරිය මෙහිදි පෙන්වා දුන්නා.

විශ්ව විද්‍යාල තුළ සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී සහ උපාධිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදය නතර කිරීමට විශේෂයෙන් අවධානය යොමු විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this