ඕස්ට්‍රේලියාවේ අතුරුදන් වූ පුද්ගලයකු මෝරෙකුගේ ප්‍රහාරයකින් මිය ගිය බවට විශ්වාසයක්

Published on

ඕස්ට්‍රේලියාවේ අතුරුදහන් වූ පුද්ගලයකු මෝරෙකුගේ ප්‍රහාරයකින් මිය ගිය බවට විශ්වාස කරන බව බලධාරීහු අද (03) ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් එම පුද්ගලයා අතුරුදන් වූ මුහුදු ප්‍රදේශය තවදුරටත් සෝදිසි කරමින් සිටින බවයි බලධාරීන් පැවසුවේ.

28 හැවිරිදි එම පුද්ගලයා දකුණු ඕස්ට්‍රේලියාවේ මුහුදු ප්‍රදේශයේ දීයි මෙලෙස අතුරුදහන් වී ඇත්තේ.

වෙරළබඩ නගරයක් වන Streaky Bay අසළ Granites Beach හිදී, බ්‍රහස්පතින්දා සවස මෝර ප්‍රහාරය දුටු සාක්ෂිකරුවෙකු jet ski එකකින් මුහුදට ගොස් අනතුරට ලක්වූ පුද්ගලයාගේ සර්ෆ්බෝඩ් එක (surfboard) ලබා ගෙන ඇති බව ජ්‍යේෂ්ඨ කොස්තාපල් රෙබෙකා ස්ටෝක්ස් Australian Broadcasting Corp වෙත ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් මේ තරුණයාගේ කිසිදු සළකුණක් එහි නොතිබූ බවත්, සාක්ෂිකරුවන්ගේ විස්තරවලින් ඔහු මෙම මෝරා විසින් මරා දමා ඇති බව විශ්වාස බවයි ස්ටෝක්ස් ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඇය කියා සිටියේ මෙම වෙරළ තීරය මෝරුන් නිතර ගැවසෙන බවයි.

හදිසි ප්‍රතිචාර දක්වන්නන් (Emergency responders) සහ ස්වේච්ඡා සේවකයන් සිකුරාදා සිට ප්‍රදේශයේ මෙම පුද්ගලයා සොයමින් සිටින අතර මේ වන විට වෙරළ තීරය මහජනතාවට වසා දමා ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ මෝර ප්‍රහාර දුර්ලභ වන අතර, දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මිලියන 27 ක ජනගහනයක් සිටින රට තුළ 1791 වසරේ සිට සිදුව ඇත්තේ මාරාන්තික ප්‍රහාරය 255 ක් පමණක් බවයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this