කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු මේ දිනවල චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින බවයි සඳහන් වන්නේ.
එමෙන්ම කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර ඉන්ෆුවෙන්සා වෛරසයද පැතිර යමින් තිබෙන බවයි කියන්නේ.
චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව වෛරස තත්ත්වය රටේ උතුර ප්‍රදේශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර චීනයේ රෝග පාලනය සහ නිවාරණ මධ්‍යස්ථානය විසින් තහවුරු කර ඇත්තේ උතුර චීනයට මේ හරහා බලපෑම් එල්ල වී ඇති බවයි.
වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවද සඳහන්.
පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි ප්‍රකාශ කෙරෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.