කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (02) දිනයේදි ඒකක 16000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.
ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403යි දශම 94කින් ඉහළ ගොස් ඒකක 16348.55ක් ලෙස සටහන් වුනා.
මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේදි 2.53%ක වර්ධනයක්.
අද දින රුපියල් බිලියන 12.86ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්.