රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග‍්‍රහකත්වයෙන් හා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ‍්‍රම දායකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ ඒකකය අද (02) විවෘත කෙරුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ,ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් මේ සඳහා එක්ව සිටි බව සඳහන්.
මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප‍්‍රථිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවමවීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග‍්‍රාහකත්වයෙන් 2023 වසරේදී මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාටිටු සංකීර්ණයක් ඉදිකිරිමට ඉදිරිපත් වුණා.
අනතුරුව එම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ ශ‍්‍රම දායකත්වය ලබාදිම හේතුවෙන් තෙමහල් වාට්ටු සංකිර්ණය සිව්මහල් වාට්ටු සංකිර්ණයක් ලෙස ඉඳි කර 2024 වසරේදී ජනතා අයිතියට පත් කළා.
එලෙස ඉදි කරනු ලැබු සිව්මහල් ගොඩනැගිල්ලේ තෙවන හා සිව්වන මහල් යොදාගනිමින් පිළිකා මාරයාට බිලිව දුක්විඳින දරුවන්ගේ ජිවිත්වීමේ අපේක්ෂාව තව දුරටත් අපේක්ෂාවක් පමණක් නොවිමට අවස්ථාව සලසමින් ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ නව ඒකකය ස්ථාපිත කරනු ලැබුවා.
එහි ඉදිරි සියලු නඩත්තු කටයුතු සදහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපතිතුමන් විසින් මෙහිදි එකඟත්වය පළ කර ඇති බවයි පැවසෙන්නේ.