නේපාලයේ පෞද්ගලික සංචාරයක නිරත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය කේ.පී.ෂර්මා ඔලී මහතා හමුවී තිබෙනවා.
කත්මන්ඩු නුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව තිබෙන බව සඳහන්.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා සහ නේපාල අග්‍රාමාත්‍යවරයා අතර සුහද කතා බහක් පැවති බවයි පැවසෙන්නේ.