Global CEO සම්මානයෙන් පිදුම් ලැබූ ගයාන් වෙල්ලාල ලුණු සමාගමේ සභාපති ධුරයට

Published on

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසඳය විසින් සංවිධාන කළ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා අතරට තේරී පත් වූ ගයාන් වෙල්ලාල මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින හා මැලේසියාව යන රටවල සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් ලෙස කටයුතු කර ඇති ගයාන් වෙල්ලාල මහතා නිෂ්පාදනය, විගණනය, මූල්‍යකරණය, හෝටල් ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ අපනයනය වැනි ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක හසල අත්දැකීම් ඇති අයෙක්.

ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ D.S. සේනානායක විද්‍යාලවල දීප්තිමත් ආදි සිසුවකු වන වෙල්ලාල මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමණාකරණය පිළිබඳව විශේෂ උපාධිය හිමි කරගත් අතර එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ (University Of Cardiff) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙක් ද වනවා.

මීට අමතරව ඔහු FCMA (UK) හා FCMA (Sri Lanka) වරලත් කළමණාකාර ගණකාධිකාරී සුදුසුකම් සම්පූර්ණ කර තිබෙන බවයි පැවසෙන්නේ.

තම සභාපතිත්වය යටතේ, යුද්ධය නිසා උතුර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ලුණු නිෂ්පාදනාගාරවල නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර ලුණු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් දේශීය වෙළඳපළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පසුව ලුණු අපනයනය සඳහා යොමු වීමටත් බලාපොරොත්තු වන බව ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා සඳහන් කළා.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this