කම්කරු අමාත්‍යංශය මගින් සේවා ගැටලු විමසීම සඳහා වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් සහන සහ මැදිහත්වීම් අපේක්ෂා කරමින් පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා ඉල්ලීම් කෙරෙන ලිපි සම්බන්ධව කඩිනම් ප්‍රතිචාර දැක්වීම මෙම නව වට්ස් ඇප් අංකය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණයි.
ඒ අනුව 070 722 78 77 දරණ මෙම වට්ස් ඇප් අංකය හරහා එම ගැටළුවලට කඩිනම් ප්‍රතිචාර දැක්වීමට කම්කරු අමාත්‍යංශය අපේක්ෂා කරනවා.