ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩුදුන් ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට නිදහස් ළකුනු ප්‍රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමත් සමගයි මෙලෙස මතභේදාත්මක තත්ත්වයක් හටගත්තේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තම සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.
අධිකරණය එහිදි විභාග කොමසාරිස්වරයාට නියෝග කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පත් කළ කමිටුවේ නිර්දේශ අතරින් සුදුසුම නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙසයි.
ඒ අනුව අදාල ප්‍රශ්න තුන සදහා සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබා දීමට ද කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.