පටු වාදභේද නොසලකා රට ගොඩගැනීමට මුල පුරනවා – විපක්ෂ නායක

Published on

පටු අරමුණු පසෙකලා රට ගොඩනගන ජාතික මෙහෙයුමට මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විනිවිදභාවයෙන් හා පාරදෘශ්‍යභාවයෙන් යුක්තව රටටත් ජනතාවටත් වගවෙන වගකියන ප්‍රශස්ත සේවාවකට නායකත්වය ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා පවසන්⁣නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී නව වසරට වැඩ ආරම්භ කිරීම සඳහා පැවැති චාම් උත්සවයක් අමතමින්.

සර්වාගමික ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය ඉතා චාම් අයුරින් සංවිධානය කර තිබුණා.

දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය සේවකයන් ද එකට එකතු වී එය වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

පොදු ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රශස්ත ප්‍රබුද්ධ කාර්යක්ෂම හා කාර්යශූර ජනතා සේවාවක් ඉටු කරනවා සේම සදාචාරාත්මක භාවය සුරකිමින්, විනයගරුකව රාජ්‍ය දේපළ හා සම්පත් අවභාවිතයට ඉඩ නොතබමින්, ඒවා හොඳින් නඩත්තු කරමින්, කාර්යක්ෂමව රටට සේවාව ඉටු කළ යුතු බවත් පුද්ගල ලාභයට වඩා රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා සාමූහිකව කටයුතු කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this