නව වසරේ මෙරට සංචාරක පැමිණීම මිලියන 03ක් දක්වා වර්ධනය කර ගැනීම ඉලක්කය බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
පසුගිය වසරේ සංචාරකයින් මිලියන 02 ක ඉලක්කය සම්පූර්ණ කිරීමේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඒ නව වසරේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.
විදේශ රැකියා ක්ෂේත්‍රය තුළින් විදේශ ප්‍රේෂණ ලබාගැනීමට ද ඉලක්ක සහගත ගමනක් යා යුතු බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.