ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයී.
එහිදී ක්ලීන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය ද එළිදැක් වුවා.
මෙම වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා කියා සිටියේ නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බවයි.
එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇතැයි ද පැවසුවා.
නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බවත්, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇතැයි ද ඔහු කියා සිටියේය.
දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බව ද පැවසු එතුමා ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සඳහා සහාය ලබාදිය යුතු බව ද මෙහිදී අවධාරණය කරනු ලැබුවා.